Saturday, August 12, 2017

අන්තර් ජාලයෙන් මුදල් ඉපයීමට පළමුව..........

අන්තර් ජාලය මගින් ගෝලීය වෙළෙදපොල තුළ ඇති අසීමිත ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරික ප්‍රවර්ධන ක්‍රමවේදයන් භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මේ වන විටත් ඉතාමත් ඉහළ මට්ටමින් ආදායම් උපයමින් සිටිති. ඒ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වර්තමානය වන විට අවශ්‍යතාව ඇති ශ්‍රී ලාංකිකයන් සැමටම හැකියාව ලැබී ඇත.
         මෙතෙක් කාලයක් නගරයෙන් පිටිසරට යනවිට තිබුණු ප්‍රධාන ගැටළුවක් වුයේ අන්තර්ජාලය භාවිතා කිරීමට තරම් සන්නිවේදන පහසුකම් ප්‍රමාණවත් ලෙස නොලැබීමයි. නමුත් දැන් ග්‍රාමීය ප්‍රදේශ වලදී පවා අවම වශයෙන් 3G පහසුකම්වත් ලැබී තිබීම සතුටට කරුණකි. 

            එවැනි තාක්ෂණික පහසුකම් ලැබී ඇති  නිසා ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීම තුළින් අන්තර්ජාල පහසුකම් අත් විදින තරුණ තරුණියක් එන්න එන්නම වැඩි වෙමින් පවතින අතර සතුට, විනෝදය, කාන්සිය, කම්මැලිකම නැතිකර ගැනීමට මෙන්ම face book මගින් මිතුරන් අතර අල්ලාප සල්ලාපයේ යෙදීම සුලබ දසුනක් බවට පත්ව ඇත. එමගින් සත්‍ය වසයෙන් සිදු වෙනුයේ කුමක්ද? එක් පැත්තකින් ඔවුන්ගේ වටිනා කාලය විනාස කර ගැනීමකි. අනෙක් පැත්තෙන් ඩේටා පැකේජ් වලට කරන වියදම නිසා පර්ස් එකේ තියෙන අවසන් රු. 50 ත් සයිබර් අවකාශයට පූජාකිරීමයි.

        දැන් ඉතින් දියුණු වෙන්න උනන්දුවක් උවමනාවක් ඇති සැම කෙනෙකුටම මෙතෙක් හිතපු විදිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා. දෙමාපියන්ට, ගමට, රටට බරක් නොවී මාසයකට රුපියල් තිස් හතලිස් දාහේ රැකියා සොයමින් රැකියා පෝලිම් වල කාලය මරන්නේ නැතිව, ගෙදර ඉදන්ම අන්තර් ජාලය භාවිතයෙන් මාසයකට ලක්ෂයක් දෙකක් උපාය ගැනීමට හැකි ක්‍රමවේද මොනවද යන්න එකින් එක අවබෝද කර ගනිමු ප්‍රථමයෙන්ම.

No comments:

Post a Comment

Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න

තව දවස් 3 ක් බලන් ඉන්න............... ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්...