Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto Currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase Wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
ඉතින් මේ Coinbase Wallet එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න
01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත් කරන්න.
01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත් කරන්න.
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න.

3. ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න Coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා verify email addresses කියන තැන ක්ලික් කරන්න

හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.
*****අපේ ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු*****
අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ accounts කියන තැනට ගිහිල්ලා ඒකෙ උඩින්ම තියෙනවා BTC Wallet කියලා අපේ Bitcoin Account එක.

ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Get bitcoin address කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න.

වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.
*****වෙනත් ගිණුමකට නිවැරදිව Bitcoin යවමු******
පහත ආකරයෙන් ගිණුමට ලොග් වෙලා Sent/Request කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට පුලුවන් ඕනෑම Bitcoin Address එකකට Bitcoin යවන්න.

ඉතින් මේ ආකාරයෙන් අපිට පුලුවන් Coinbase එක භාවිතා කිරීමෙන් පහසුවෙන් Bitcoin ගණුදෙනු සිදුකරන්න.
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
ජය වේවා!
No comments:
Post a Comment