Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.
ඉතින් සාමාන්‍යයෙන් Bitcoin භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.
වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger කෙනෙක් භාවිතා කල යුතුමයි.

අද වනවිට BTC එකක වටිනාකම $ 5000 (12/10/2017) විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 750,000 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5/= වගෙ තමයි. රුපියල් 1000/= කට BTC 200 අරගන්න තිබුණා. කොහොමද අද වෙනකොට BTC 200 වටිනාකම සාමාන්‍යයෙන් ගත්තොත් පහත ආකාරයෙන් පෙන්නලා දෙන්න පුලුවන්
BTC 200 x $ 5000 = $ 1,000,000
$ 1 = Rs 155
$ 1,000,000 x Rs 155 = Rs 155,000,000/=
කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency (Digital Currency) දැක ගන්න පුලුවන්.
2010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562






ඔයා bitcoin ඉතාහාසය දන්න කෙනෙක් නම් අනිවා දුක් වේවි ඇයි එදවස් වල Bitcoin අරගත්තේ නැත්තේ කියලා. බලන්න bitcoin එකේ මිල පටන් ගන්න කොට සහ දැන් දලවශයෙන්.
2009 - $ 02010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562
2018 - $ 5000 (12/10/2017)
නමුත් තාමත් BTC වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.
ඉදිරියේදි මෙවැනි ආයෝජන අවස්ථා ගැන දැනගැනීමට කැමති අය දිගටම මාත් එක්ක රැදී සිටින්න.
ජය වේවා!...
No comments:
Post a Comment